ඇල්බට් අයින්ස්ටයින් - විකිපීඩියා
Jump to content
විකිපීඩියා වෙතින්
ඇල්බට් අයින්ස්ටයින්
අයිස්ටයින් 1921දී
පුරවැසිභාවය
Kingdom of Württemberg
, part of the German Empire (1879–1896)
note 1
Stateless
(1896–1901)
Switzerland
(1901–1955)
Austria
, part of the
Austro-Hungarian Empire
(1911–1912)
Kingdom of Prussia
, part of the German Empire (1914–1918)
note 1
Free State of Prussia
Germany
, 1918–1933)
United States
(1940–1955)
උගත් ශාස්ත්‍රාලය
එෆ්ටන් ටෙක් හෝස්ටර් සුරිච්
සුරිච් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේ
සාමාන්‍ය සාපේක්ෂතාව
විශේෂ සාපේක්ෂතාව
ප්‍රකාශ විද්‍යුත් ආචරණය
බ්‍රවුනීය චලිතය
ස්කන්ධ-ශක්ති තුල්‍යතාව
අයින්ස්ටයින් ක්ෂෙත්‍ර සමීකරණ
ඒකකෘත ක්ෂෙත්‍ර වාදය
බෝස්-අයින්ස්ටයින් ස්ථිතිකය
Spouse(s)
Mileva Marić
වි.
1903;
දි.
1919)
Elsa Löwenthal
වි.
1919; died
1936)
දරුවන්
"Lieserl" Einstein
Hans Albert Einstein
Eduard "Tete" Einstein
Awards
Nobel Prize in Physics
(1921)
Copley Medal
(1925)
Max Planck Medal
(1929)
Time
Person of the Century
Scientific career
ක්ෂේත්‍රය
භෞතික විද්‍යාව
දර්ශනය
ආයතන
Swiss Patent Office
Bern
) (1902–1909)
University of Bern
(1908–1909)
University of Zurich
(1909–1911)
Charles University in Prague
(1911–1912)
ETH Zurich
(1912–1914)
Prussian Academy of Sciences
(1914–1933)
Humboldt University of Berlin
(1914–1933)
Kaiser Wilhelm Institute
(director, 1917–1933)
German Physical Society
(president, 1916–1918)
Leiden University
(visits, 1920)
Institute for Advanced Study
(1933–1955)
Caltech
(visits, 1931–1933)
University of Oxford
(visits, 1931–1933)
Thesis
Eine neue Bestimmung der Moleküldimensionen
(A New Determination of Molecular Dimensions)
(1905)
ආචාර්ය උපදේශක
ඇල්ෆඩ් ක්ලෙච්නර්
Other academic advisors
හෙන්රිච් ෆ්‍රෙඩ්රික් වෙබර්
සිහිකළයුතු විද්‍යාර්ථියන්
Ernst G. Straus
Nathan Rosen
Leo Szilard
Raziuddin Siddiqui
අත්සන
ඇල්බට් අයින්ස්ටයින්
ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. නොයෙකුත් විෂයපථයන් රාශියක් අතුරින් සිය සුප්‍රකට
සාපේක්ෂතා වාදය
හා
ස්කන්ධ - ශක්ති තුල්‍යතාව
( E = mc
) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධවූ අයින්ස්ටයින් ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම් නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
යාන්ත්‍ර විද්‍යාව සහ
විද්‍යුත් චුම්භක
ත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට
සාපේක්ෂවාදී තාරකා විද්‍යාව
විශ්ව න්‍යාය විද්‍යාව
කේශික ක්‍රියාව
අවධි උපලනය
, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය,
සංක්‍රමණ සම්‍භාවිතාව
, ඒක පරමාණුක වායු පිළිබඳ
ක්වොන්ටම්‍වාදය
, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත්
විකිරණ වාදය
ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය
භෞතික විද්‍යාවේ ජ්‍යාමිතිකකරණය
ආදිය අයත්ය.
අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා හා නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ධ විද්‍යාර්ථීන් අයින්ස්ටයින් දේවත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම
ගැලීලියෝ ගැලීලි
අයිසැක් නිව්ටන්
චාල්ස් ඩාවින්
වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම්ය. ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සහ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න අතිවිශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
චරිතාපදානය
තුන් හැවිරිදි අයින්ස්ටයින් (1882).
වයස අවුරුදු 14 දී අයින්ස්ටයින් (1893).
මැට්‍රිකියුලේෂන් විභාග සහතිකය (1896).
භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ ෆෙඩරල් පොලිටෙක්නික් පාසලෙහි සිව් අවුරුදු උපාධිය හදාරමින්.
1904 දී ස්විට්සර්ලන්ත පේටන්ට් කාර්යාලයේ සහකාර පරීක්ෂකවරයෙකු ලෙස.
අයින්ස්ටයින්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය.
මුල් ළමාවිය
ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මනියේ වර්ටෙම්බෙර්ග් ප්‍රාන්තයේ, උල්ම් හිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින්, වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පෝලීන් කොච් විය. වර්ෂ 1880 දී ඔවුන් මියුනික් නගරය වෙත පැමිණියේ ඔහුගේ පියා සහ මාමා එක්ව විදුලි උපකරණ නිශ්පාදන කරන සමාගමක් ආරම්භ කිරීමටය.
ඉතා කුඩා අවධියේදී, කතා කිරීමට මන්දගාමී අයින්ස්ටයින්හට ඉගෙනීමේ දුර්වලතාවයක් ඇති බව සිතූ ඔහුගේ දෙමාපියන් කනස්සල්ලට පත්විය. වයස අවුරුදු පහේදී, ඔහුගේ පියා ඔහුට මාලිමා යන්ත්‍රයක් ගෙන ආවේය. එහි කටුව සෑම විටම උතුරට යොමු වන පරිදි චලනය වන ආකාරය තේරුම් ගැනීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. මෙය විද්‍යුත්චුම්භකත්වය කෙරෙහි ඔහුගේ ජීවිත කාලය පුරාවූ ආකර්ෂණයට හේතු විය.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනය
මියුනික්හී ශාන්ත පීතර කතෝලික පාසලෙන් හා ලුයිට්පෝල්ඩ් පාඨශාලාවෙන් ප්‍රාථමික හා පූර්ව-ද්විතියික අධ්‍යාපනය ලැබූ අයින්ස්ටයින් කුඩා කල සිටම භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ විශිෂ්ටයෙකු වූ අතර, ඔහුට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් දරුවෙකු තුළ පමණක් දක්නට ලැබෙන ගණිතමය කුසලතා ඉක්මනින්ම අත්පත්කර ගත්තේය. 1891 දී, දොළොස් හැවිරිදි අයින්ස්ටයින් වීජ ගණිතය, කලනය සහ යුක්ලීඩියානු ජ්‍යාමිතිය තනිවම ඉගෙනගත් අතර කෙතරම් වේගවත් ප්‍රගතියක් ලබා ගත්තේද යත්, තම දහතුන්වන උපන්දිනයට පෙර පයිතගරස් ප්‍රමේයය විසඳිය. ගණිත ගුරුවරයෙකු වන මැක්ස් ටල්මූඩ් අයින්ස්ටයින්ගේ බුද්ධිය මට අනුගමනය කළ නොහැකි තරම් ඉහළ වූ බව පැවසුවේ ජ්‍යාමිතික පෙළපොතක් ලබා දී ටික දිනකට පසු, මුළු පොතම කියවා අතැඹුලක් සේ දැනගත් හෙයින් පමණක්ම නොව, එම්මානුවෙල් කාන්ට්ගේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම්ගත නොහැකි දාර්ශනික කෘති පවා කියවා අවබෝධකරගත් හෙයිනි.
ද්විතියික අධ්‍යාපනය
වයස දාහතර වන විට අනුකලනය සහ අවකලනය ප්‍රගුණ කළ අයින්ස්ටයින් 1895 දී, වයස අවුරුදු දහසයේදී ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් පොලිටෙක්නික් පාසලට (දැන් ඊ.ට්.එච්. සූරික් විශ්වවිද්‍යාලය) ඇතුලත්වීම සඳහා ප්‍රවේශ විභාගයට පෙනී සිටියේය. ඔහු පරීක්ෂණයේ සාමාන්‍ය කොටසේ අවශ්‍ය ප්‍රමිතියට ළඟා වීමට අපොහොසත් වූ නමුත් භෞතික විද්‍යාව සහ ගණිතයට විශිෂ්ට සාමාර්ථ ලැබීය. පොලිටෙක්නික්හී විදුහල්පතිවරයාගේ උපදෙස් පරිදි, අරාවු කෝරළයෙහි ආර්ගෝවියානු පාසලෙන් 1896 දී තම ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයින්ස්ටයින් එම වසරේදීම පොලිටෙක්නික් පාසලට බඳවාගන්නා මැට්‍රිකියුලේෂන් විභාගයට හයවන ශ්‍රේණියේ විශිෂ්ට සාමාර්ථ පහක්ද සමඟින් සමත්විය.
තෘතියික අධ්‍යාපනය
වයස අවුරුදු දාහතෙහි සිට විස්ස දක්වා භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ ෆෙඩරල් පොලිටෙක්නික් පාසලෙහි සිව් අවුරුදු උපාධිය නිමකළ අයින්ස්ටයින් හට, තම සරසවි සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන්ගේ පියාණන්ගේ නිර්දේශය මත 1900 දී බර්න්'හී ස්විට්සර්ලන්ත පේටන්ට් කාර්යාලයේ තෙවන ශ්‍රේණියේ සහකාර පරීක්ෂකවරයෙකු ලෙස රැකියාවක් ලැබුණි. ඇගයීම සඳහා ඔහුගේ මේසය මතට පැමිණි විදුලි යතුරුලියන යන්ත්‍ර, බොරළු වර්ග කරනා යන්ත්‍ර වැනි පේටන්ට් බලපත්‍ර අයදුම්පත් උද්යෝගයෙන් කියවූ ඔහු දැනුමින් තවත් සන්නද්ධව නව විද්‍යාත්මක පිබිදීමකට ලක්විය. අන්තර් අණුක ආකර්ෂණය පිළිබඳ ආකෘතියක් යෝජනා කළ අයින්ස්ටයින්ගේ පළමු විද්‍යාත්මක පත්‍රිකාව වන "කේශනාලිකා සංසිද්ධි වලින් ලබාගත් නිගමන", 1901 දී කීර්තිමත් 'භෞතික විද්‍යාවේ වංශකථාව' නම් විද්‍යාත්මක ජර්නලයෙහි ප්‍රකාශයට පත් කරන ලදී.
1902 දී, තම සරසවි සගයන් වූ කොන්රඩ් හැබිච්ට් හා මොරිස් සොලොවීන් සමග විද්‍යාව සහ දර්ශනය සාකච්ඡා කිරීම සඳහා බර්න්හි නිතිපතා රැස්ව ත්‍රිපුද්ගල කණ්ඩායමක් පිහිටුවා ගත් අයින්ස්ටයින් එය ඔලිම්පියා ඇකඩමිය ලෙස නම්කළේය. තම ස්වකීය විද්‍යාත්මක නිබන්ධන සහ ගණිත ගැටළුවලට අමතරව කාල් පියර්සන්, අර්නස්ට් මාක්, හෙන්රි පොයින්කෙයා, ජෝන් ස්ටුවර්ට් මිල්, ඩේවිඩ් හියුම්, බරූක් ස්පිනෝසා වැනි විද්‍යාර්ථීන්ගේ විද්‍යාත්මක සහ දර්ශනික පොතපත පරිශීලනය කල ඔවුන් මිගෙල් දෙ සර්වැන්ටෙස්, ජීන් රසීන් හා සොෆෝක්ලීස් වැනි සාහිත්‍යධරයින්ගේ සාහිත්‍ය කෘතීන්ද රසවින්දේය. කල් යත්ම පොලිටෙක්නික්හී තම සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන්, කොන්රඩ් හැබිච්ට්ගේ සොහොයුරු පෝල් හැබිච්ට්, නවක මිතුරන් වූ මිකයිල් බෙසෝ හා ලූචියන් ශවාන් මෙන්ම තම අනාගත පෙම්වතිය හා බිරිඳ බවට පත්වූ මිලේවා මාරිච් ද, ඔලිම්පියා ඇකඩමියෙහි සාමජිකයන් වූහ. මිලේවාගේ ආගමනය මුල් මාස කිහිපයේදී අසන්නියකට සීමාවූවද ඊළඟ වසර කිහිපය තුළ මෙම යුවළ නිතිපතා ඔවුන්ගේ පොදු රුචිකත්වයන් සාකච්ඡා කරමින් සහ පොලිටෙක්නික් පාසලේ දේශනවලින් ආවරණය නොකළ භෞතික විද්‍යාවේ මාතෘකා ගැන ඉගෙන ගත්හ. ඇය සමඟ විද්‍යාව ගවේෂණය කිරීම හුදකලාවේ පෙළපොතක් කියවීමට වඩා බොහෝ විනෝදජනක බව අයින්ස්ටයින් ඇය හට ලියූ පෙම්හසුන්වලද ලියා තිබුණි.
පේටන්ට් කාර්යාලයෙන් හා ඔලිම්පියා ඇකඩමියෙන් පන්නරය ලැබ අවකාශය, කාලය සහ ආලෝකය පිළිබඳ විප්ලවීය අදහස්වලට එළඹුනු අයින්ස්ටයින් 1905 දී, 'අණුක මානයන් පිළිබඳ නව නිර්ණයනයක්' නමින් පිටු 24ක නිබන්ධනයකින් ෆෙඩරල් පොලිටෙක්නික් පාසලෙන්ම (දැන් ඊ.ට්.එච්. සූරික් විශ්වවිද්‍යාලය) තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.
භෞතික විද්‍යාවෙහි ඇනස් මිරාබිලිස් වසර
තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කල වසරේදීම අයින්ස්ටයින් තවත් පෙරළිකාර න්‍යායපත්‍රිකා හතරක් 'භෞතික විද්‍යාවේ වංශකථාව' ජර්නලයට නිකුත් කළේය. අවකාශය, කාලය, ස්කන්ධය සහ ශක්තිය, පිළිබඳ විද්‍යාත්මක අවබෝධයෙහි විප්ලවීය වෙනස්කමක් සිදුකරමින් සියවස් තුනකට අධික කාලයක පටන් මුල්බැස ගොස් තිබූ නිව්ටෝනියානු ප්‍රත්‍යයන් සාවද්‍ය බවට සනාථ කරමින්, නූතන භෞතික විද්‍යාවේ ප්‍රගමනයට ප්‍රධාන දායකත්වය ලබා දුන් මෙම විද්‍යාත්මක ප්‍රකාශන නිසා දෙස් විදෙස් භෞතික විද්‍යාඥයින් අතර අයින්ස්ටයින් යන නාමය ඉමහත් ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වූ අතරම වර්ෂ 1905 භෞතික විද්‍යාවෙහි ආශ්චර්යමත් වසර 'ඇනස් මිරාබිලිස්' ලෙස නම් විය.
ඇනස් මිරාබිලිස් න්‍යායපත්‍රිකා හතර සැකෙවින්:
1. 'ආලෝකයෙහි නිෂ්පාදනය හා පරිවර්තනය විවරණෝපයෝගී දෘෂ්ටිකෝණයකින්'
(ප්‍රකාශ විද්‍යුත් ආචරණය)
පළමු පත්‍රිකාව ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කළ අතර
{\displaystyle E=hf}
සමීකරණය තුලින් ආලෝක ක්වොන්ටා හි ශක්තිය සනාථ කොට ස්ථාපිත කරන ලදී. 1921 දී අයින්ස්ටයින් හට භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ මෙම පැහැදිලි කිරීමටය.
2. 'තාපය පිළිබඳ අණුක චාලක න්‍යායට අනුව අවශ්‍ය පරිදි ස්ථිතික ද්‍රවයක අත්හිටුවන ලද කුඩා අංශුවල චලිතය'
(බ්‍රව්නියානු චලිතය)
දෙවන පත්‍රිකාව බ්‍රව්නියානු චලිතය පැහැදිලි කළ අතර
{\displaystyle D=\mu \,k_{\text{B}}T}
නම් අයින්ස්ටයිනීය සම්බන්ධය ස්ථාපිත කොට භෞතික විද්‍යාඥයින්ට පරමාණුවල පැවැත්ම සැබෑ බව ඔප්පු කරලීය.
3. 'චලනය වන වස්තූන්ගේ විද්‍යුත් ගති විද්‍යාව'
(විශේෂ සාපේක්ෂතාවාදය)
තෙවන පත්‍රිකාව අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දුන්නේය. එය ආලෝකයේ වේගයේ නියතතාව:
{\displaystyle c}
ප්‍රකාශ කරන ලද අතර ලොරෙන්ට්ස් පරිවර්තනද ව්‍යුත්පන්න කළේය. මෙම පත්‍රිකාවෙන් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදී අපගමනය/ භ්‍රංශය හා තීර්යක් ඩොප්ලර් ආචරණයද පරීක්ෂා කළේය.
4. 'ශරීරයක අවස්ථිති බව එහි ශක්ති අන්තර්ගතය මත රඳා පවතීද?'
(ස්කන්ධයේ හා ශක්තියේ තුල්‍යතාව)
සිව්වන පත්‍රිකාව විශේෂ සාපේක්ෂතාවාදය අනුසාරයෙන්
{\displaystyle E=mc^{2}}
සමීකරණය තුලින් ස්කන්ධ-ශක්ති සමානාත්මතාවයේ මූලධර්මය ගොඩනැගීය. දශක ගණනාවකට පසු න්‍යෂ්ටික බලය සොයා ගැනීමට මෙන්ම භාවිතයටද මෙම පත්‍රිකාවෙහි දැනුම ඉවහල් විය.
මෙම න්‍යායපත්‍රිකා හතර, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ අයින්ස්ටයින්ගේ පසුකාලීන සාමාන්‍ය සාපේක්ෂතාවාදය, නූතන භෞතික විද්‍යාවේ පදනම වේ.
යුරෝපයේ අධ්‍යයන වෘත්තිය
අයින්ස්ටයින් 1908 දී ජර්මනියේ බර්න් විශ්ව විද්‍යාලයේ කනිෂ්ඨ ගුරු තනතුරක් ලබා ගත්තේය. 1909 දී, ස්විට්සර්ලන්තයේ සූරික් විශ්ව විද්‍යාලයේදී ඔහු විසින් පවත්වන ලද සාපේක්ෂතාවාදී විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ දේශනයක් මැනවින් අසා සිටි මහ ඇදුරු ඇල්ෆ්‍රඩ් ක්ලයිනර් විසින් සූරික් විශ්ව විද්‍යාලයේ අලුතින් නිර්මාණය කරන ලද සහකාර මහාචාර්ය ධුරයක් සඳහා අයින්ස්ටයින්ව බඳවාගැනුනි. ඉනික්බිතිව 1911 දී, චෙකොස්ලොවැකියාවේ ප්‍රාග්හි ජර්මානු චාල්ස්-ෆර්ඩිනන්ඩ් විශ්ව විද්‍යාලයේ පූර්ණ මහාචාර්ය ධුරයකට අයින්ස්ටයින් උසස්වීමක් ලැබීය. එම කාල වකවානුව තුළ ඔහු පර්යේෂණ පත්‍රිකා එකොළහක් නිකුත් කළේය.
1911 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා, අයින්ස්ටයින් භෞතික විද්‍යාව පිළිබඳ පළමු සොල්වේ සමුළුවට සහභාගී විය. 1912 ජූලි මාසයේදී, ඔහු න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ පීඨාධිපති තනතුර ලබා ගැනීම සඳහා දැන් ඊ.ටී.එච්. සූරික් විශ්ව විද්‍යාලය ලෙස නම්වූ ෆෙඩරල් පොලිටෙක්නික් පාසල වෙත නැවත පැමිණියේය. එහි ඔහුගේ ඉගැන්වීම් කටයුතු තාප ගති විද්‍යාව සහ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව කෙරෙහි අවධානය යොමු කළ අතර, ඔහුගේ පර්යේෂණ අවශ්‍යතා අතරට තාපය පිළිබඳ අණුක න්‍යාය, අඛණ්ඩ යාන්ත්‍ර විද්‍යාව මෙන්ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාපේක්ෂතාවාදී න්‍යායක් වර්ධනය කිරීමද ඇතුළත් විය. එය හට අවැසි ගණිතය උදෙසා ඔහුගේ සරසවි සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන් ද ඔහුට සහාය විය.
1914 දී, අයින්ස්ටයින් නැවත ජර්මනියට ගොස්, ප්‍රෂියානු ඇකඩමියේ සාමාන්‍ය සාමාජිකයෙකු සහ කයිසර්-විල්හෙල්ම්-ගෙසෙල්ෂාෆ්ට් හි භෞතික විද්‍යාව සඳහා අලුතින් පිහිටුවන ලද ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය. ඔහු බර්ලිනයේ ජීවත් වූ අතර 1915 නොවැම්බර් මාසයේදී සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සම්පූර්ණ කළේය.
දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය
දෙවන ලෝක යුද්ධයට පෙර, 1939 දී, ලියෝ සිලාඩ්, එඩ්වඩ් ටෙලර්, යූජීන් විග්නර් ප්‍රමුඛ හංගේරියානු විද්‍යාඥයන් කණ්ඩායමකගේ ආරාධනයකට අනුව, අයින්ස්ටයින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත ලිපියක් යැවීය. එන්රිකෝ ෆර්මි හා ලියෝ සිලාඩ්ගේ ගේ නවතම පරීක්ෂණයන් හමුවේ මා හට දුන් තොරතුරුවලට අනුව නාසි රජය ජර්මානු විද්‍යාඥයන් සමඟ එක්ව යුරේනියම් අනුසාරයන් බෝම්බයක් තැනීම පිණිස පර්යේෂණ කරන බවටද, යම් හෙයකින් එය සාක්ෂාත් වුවහොත් හිට්ලර් එවැනි අවියක් භාවිතා කිරීමට බොහෝ සෙයින් කැමති වනු ඇති බවටද, ඉන් අනතුරු ඇඟවීය. සිදුවියහැකි මහා විනාශයක් වැළැක්ලීම පිණිස එක්සත් ජනපදය තමන්ගේම න්‍යෂ්ටික අවි පර්යේෂණවල නිරත වීම නිර්දේශ කළ මෙම ලිපියට ඔහු අත්සන් කළ නමුත් පසුකාලීනව පරමාණු බෝම්බය නිර්මාණය කළ මැන්හැටන් ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු නොවීය.
පෞද්ගලික ජීවිතය
මිලේවා මාරිච් හා අයින්ස්ටයින් 1912 දී.
තම ඔලිම්පියා ඇකඩමියෙහි අධ්‍යයන මිතුරිය වූ සර්බියානු ජාතික මිලේවා මාරිච් සමග පෙමින් බැඳි අයින්ස්ටයින් 1903 දී ඇය හා විවාහ විය.
1917 දී, අයින්ස්ටයින් මරණයට ආසන්න රෝගයකින් දැඩි ලෙස රෝගාතුර වූ අතර, වාසනාවකට මෙන් ඔහු දිවි ගලවා ගත්තේය. ඔහුගේ ඥාති සොහොයුරිය වන එල්සා ලොවෙන්තාල් ඔහුව නැවත සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගත්තාය. මෙය සිදු වූ පසු, අයින්ස්ටයින් 1919 පෙබරවාරි 14 වන දින මිලේවා දික්කසාද කළ අතර, 1919 ජුනි 2 වන දින එල්සා සමඟ විවාහ විය.
මරණය
අයින්ස්ටයින් අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මිය ගිය අතර ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කරේය. ඔහු වෛද්‍යවරයාට "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතීමව ජිවත් වෙලා ඵලක් නෑ. මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙන් පැවසීය. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි මරණයට පත්විය.
විද්‍යාත්මක චින්තනය
විශේෂ සාපේක්ෂතාවාදය සහ E= mc
අයිස්ටයින්ගේ "Zur Elektrodynamik bewegter Körper" එනම් "චලනය වෙමින් පවතින ස්කන්ධවල විද්‍යුත්ගතිකය" (Electrodynamics of Moving Bodies)
1905 ජුනි 30 දින නිකුත් වුණු අතර එම වසරේ ම සැප්තැම්බර් 26 දින ප්‍රකාශයට පත්කෙරිණ. එය යාන්ත්‍ර විද්‍යා නියමයන්ට වෙනස්කම් හදුන්වා දෙමින් මැක්ස්වෙල්ගේ සමීකරණ (විද්‍යුතයේ හා චුම්බකත්වයේ නියම) සහ නිව්ටෝනීය යාන්ත්‍ර විද්‍යා නියම අතර ගැටුම සමහන් කළේ ය.
මේ වෙනස්කම්වල ප්‍රතිඵල අධික වේගයන්හි දී (ස්කන්ධයන් ආලෝකයේ වේගයට ආසන්න වේගවලින් චලනය වන අවස්ථාවන්හි) මැනවින් නිරීක්ෂණය කළ හැකි විය. පසුකලෙක අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Theory of Special Relativity)ලෙස ප්‍රකට වූයේ මේ පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රවාදය යි.
අපට සාපේක්ෂව චලනය වෙමින් සිටින නිරීක්ෂකයකුගේ රාමුවේ සිට මනින විට, චලනය වන ස්කන්ධය සතු ව ඇති ඔරලෝසුවක කාලය සෙමින් ගතවන බව පෙනී යන බවත් එකී ස්කන්ධය ද එය චලනය වන දිශාව ඔස්සේ දිගින් අඩු වන බවත් මේ පත්‍රිකාවෙන් පූර්වකල්පනය කරන ලදී. එකල භෞතික විද්‍යාවේ බල පැවැත් වූ ප්‍රධාන සංකල්පයක් වූ ආලෝකවාහක ඊතරය නො පැවතිය හැක්කක් බවට ද මේ පත්‍රිකාවෙන් තර්ක කරන ලදී.
note 2
ස්කන්ධ-ශක්ති තුල්‍යතාව (mass-energy equalence) පිළිබද සිය පත්‍රිකාවෙන් අයින්ස්ටයින් E = mc
නම් සමීකරණය ගොඩනැංවී ය. ඒ සිය විශේෂ සාපේක්ෂතාවාදයේ සමීකරණවල ප්‍රතිඵලයක් ලෙස ය. 1905 දී පළ කළ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිබද පත්‍රිකාව කලක් යන තුරු තරමක ආන්දෝලනයකට මුහුණ දුන්නත් පළමු ව මැක්ස් ප්ලාන්ක් විසිනුත් අනතුරු ව සෙසු ප්‍රමුඛ විද්‍යාඥයන් විසිනුත් පිළිගන්නා ලදී.
note 3
අයින්ස්ටයින් සිය විශේෂ සාපේක්ෂතාවාදය පිහිටවූයේ ප්‍රගති විද්‍යාවේ (kinematics) න්‍යායික රාමුව තුළ ය. 1908 දී හර්මන් මින්කොව්ස්කි විශේෂ සාපේක්ෂතාවාදය කාලාවකාශය (space-time) සම්බන්ධ ප්‍රවාදයක් ලෙස ජ්‍යාමිතික රාමුවක් තුළ ප්‍රති-අර්ථකථනය කරන ලදී. 1915 දී සිය සාධාරණ සාපේක්ෂතාවාදය හදුන්වා දෙද්දී අයින්ස්ටයින් මින්කොව්ස්කිගේ රූපිකය (formalism) යොදාගත්තේ ය.
සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය
සාමාන්‍ය සාපේක්ෂතාවාදය (Theory of General Relativity) යනු 1907 සහ 1915 අතර කාලය තුළ අයින්ස්ටයින් විසින් සංවර්ධනය කරන ලද ගුරුත්වය (gravitation) පිළිබද ප්‍රවාදය වේ. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය යනුවෙන් අප අත්දකින සංසිද්ධිය එයට සම්බන්ධ ස්කන්ධයන් විසින් කාල-අවකාශය වක්‍ර කිරීමේ ප්‍රතිඵලයකි. සාමාන්‍ය සාපේක්ෂතාවාදය නවීන අභ්‍යවකාශ භෞතික විද්‍යාවේ මහගු මෙවලමක් බවට පත් වී තිබේ. කලු කුහර (Black Holes) හෙවත් අවකාශයේ පවතින, ආලෝකය පවා බලපෑමට ලක්වන තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් සහිත ප්‍රදේශ පිළිබද වත්මන් අවබෝධයට පදනම වී ඇත්තේ එය යි.
අයින්ස්ටයින් පසු ව පැවසූ පරිදි සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගොඩනැගීමට ඔහුට හේතුවූයේ විශේෂ සාපේක්ෂතාවාදය තුළ අවස්ථිතික චලනයන් (inertial motions) කෙරෙහි වූ වැඩි නැඹුරුව හේතුවෙන් එය එතරම් සතුටුදායක ප්‍රවාදයක් නොවීමත්, සමාරම්භයේ සිට ම කිසිම චලන අවස්ථාවක් කෙරෙහි (ත්වරණය වන ඒවා කෙරෙහි පවා) වැඩි නැඹුරුවක් නො දක්වන ප්‍රවාදයක් වඩා සතුටුදායක බව පෙනී යාමත් ය.
ඒ අනුව 1907 දී ඔහු විශේෂ සාපේක්ෂතාවාදය යටතේ ත්වරණය පිළිබද ව ලිපියක් පළ කළේ ය. On the Relativity Principle and the Conclusions Drawn from It (සාපේක්ෂතා මූලධර්මය සහ ඉන් පැමිණි නිගමන) නම් වූ එම පත්‍රිකාවේ දී ඔහු නිදහස් වැටීම (free-fall) යනු සැබවින් ම අවස්ථිතික චලනයක් බවටත් නිදහස්-වැටීමකට ලක්වන නිරීක්ෂකයකුට විශේෂ සාපේක්ෂතාවාදයේ නීති අදාළ විය යුතු බවටත් තර්ක කළේ ය. මේ තර්කය තුල්‍යයතා මූලධර්මය (equivalence principle) ලෙස හැදින් වේ. එම ලිපියෙන් ම අයින්ස්ටයින් ගුරුත්වජ කාල පමාව (gravitational time-dilation), ගුරුත්වජ වර්ණාවලි විස්තාපනය (gravitational redshift), අලෝකයේ අපක්‍රමණය (deflection of light) යන සංසිද්ධි ද පූර්වකල්පනය කළේ ය.
10
11
1907 පළ කළ එකී ලිපියේ අදහස් තව දුරටත් විදාරණය කරමින් 1911 දී On the Influence of Gravitation on the Propagation of Light (ආලෝකයේ ප්‍රචාරණයට ගුරුත්වාකර්ෂණයේ බලපෑම) මැයෙන් අයින්ස්ටයින් තවත් පත්‍රිකාවක් පළ කළේ ය. එමගින් ඔහු මහේක්ෂ වස්තූන් (massive bodies) විසින් ආලෝකය අපක්‍රමණය කෙරෙන ප්‍රමාණය නිමානය කළේ ය. මෙලෙස සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සෛද්ධාන්තික අනුමාන පළමුවරට ද්‍රව්‍යමය ලෙස පරීක්ෂා කළ හැකි විය.
12
ගුරුත්වාකර්ෂණ තරංග
1916 දී අයින්ස්ටයින්, අවකාශ කාලයේ වක්‍රතාවයේ රැළි, තරංග ලෙස ප්‍රචාරණය වන අතර, ප්‍රභවයෙන් පිටතට ගමන් කරමින්, ගුරුත්වාකර්ෂණ විකිරණ ලෙස ශක්තිය ප්‍රවාහනය කරන බව ප්‍රකාශ කොට, ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම පුරෝකථනය කළේය. සාමාන්‍ය සාපේක්ෂතාවාදය යටතේ ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම තහවුරු වන්නේ එහි ලොරෙන්ට්ස් විචල්‍යතාවය නිසා එය සමඟ ගුරුත්වාකර්ෂණ භෞතික අන්තර්ක්‍රියා ප්‍රචාරණය කිරීමේ සීමිත වේගයක් පිළිබඳ සංකල්පයෙනි. ගුරුත්වාකර්ෂණ භෞතික අන්තර්ක්‍රියා අනන්ත වේගයෙන් ප්‍රචාරණය වන බව උපකල්පනය කරන නිව්ටෝනියානු ගුරුත්වාකර්ෂණ න්‍යායේ ගුරුත්වාකර්ෂණ තරංග පැවතිය නොහැකි බවට අයින්ස්ටයින් ප්‍රකාශ කළේය.
ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳ පළමු වක්‍ර අනාවරණය 1970 ගණන්වල දී සමීපව කක්ෂගත වන නියුට්‍රෝන තරු යුගලයක් නිරීක්ෂණය කිරීම හරහා සිදු විය. ඒවායේ කක්ෂීය කාල පරිච්ඡේදයේ ක්ෂය වීමට පැහැදිලි කිරීම වූයේ ඒවා ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කිරීමයි. ශතවර්ෂයකට පසු 2015 දී සිදුකල පරීක්ෂණයක් මගින් 2016 දී ලිගෝ හි පර්යේෂකයන් පෘථිවියේ අනාවරණය වූ පළමු ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳ නිරීක්ෂණය ප්‍රකාශයට පත් කරන ලද අතර, එමගින් අයින්ස්ටයින්ගේ 1916 අනාවැකිය සනාථ විය.
පැරණි ක්වොන්ටම් ප්‍රවාදය
ෆෝටෝන සහ ශක්ති පැකට්ටු
ආලෝකය යනු අංශු (quanta) ලෙස වෙන් වී ඇති බව 1905 දී පළ කළ පත්‍රිකාවක් මගින් අයින්ස්ටයින් පූර්වකල්පනය කළේ ය.
13
අයින්ස්ටයින්ගේ මෙම ආලෝක අංශු පිළිබද අදහස මැක්ස් ප්ලාන්ක් සහ නීල්ස් බෝර් ඇතුලු සෑම භෞතික විද්‍යාඥයකු විසින් ම පාහේ ප්‍රතික්ෂේප විණි. එය සර්වව්‍යාපී වශයෙන් පිළිගැනීමට ලක් වූයේ 1919 දී ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric effect) පිළිබද රොබට් මිලිකන්ගේ පර්යේෂණ සහ කොම්ප්ටන් විසිරුම (Compton Scattering) මැනීමත් සමග ය.
සෑම තරංගයක ම සංඛ්‍යාතය (f) කිසියම් ෆෝටෝන සමූහයක් සමග බැදී තිබෙන බවත් සංඛ්‍යාතය ප්ලෑන්ක් නියතයෙන් (h) ගුණ කිරීමෙන් එම ශක්ති ප්‍රමාණය (hf) ලැබෙන බවත් අයින්ස්ටයින් නිගමනය කළේ ය. අංශු තරංගය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන නිශ්චිත නොවූ බැවින් ඔහු ඒ ගැන ඊට වැඩි යමක් නො කීවේ ය. නමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණය වැනි ඇතැම් අත්දුටු සංසිද්ධි පැහැදිලි කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැ යි ඔහු අදහස් කළේ ය.
13
ක්වොන්ටම් භෞතික විද්‍යාව
ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ අයින්ස්ටයින්ගේ විවේචන
1905 පළ කළ ඔහුගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පත්‍රිකාවෙන් ඇරඹෙමින් ක්වොන්ටම් භෞතිකවාදය පිළිබද ප්‍රවාදය ගොඩනැංගීමේ ලා අයින්ස්ටයින් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ ය. කෙසේනමුත් 1925න් පසු නවීන ක්වොන්ටම් භෞතිකය සංවර්ධනය වූ ආකාරය කෙරෙහි, සෙසු භෞතික විද්‍යාඥයන් එකග වුවත් හෙතෙම පැහැදීමට පත් නො වී ය. ක්වොන්ටම් භෞතිකයේ අහඹුමය බව (randomness) එහි ස්වභාවය ම මිස දෛවයේ ප්‍රතිඵලයක් (determinism) නොවන බවට වූ අදහස ඔහුට සැකසහිත වූ අතර දෙවියන් වහන්සේ “දාදු ක්‍රීඩා නො කරන්නේ ය.” යනුවෙන් ඔහු සිය විරුද්ධත්වය ප්‍රකාශයට පත් කළේ ය.
14
ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ ය යන මතය සිය ජීවිතයේ අවසානය වන තෙක් ම ඔහු දැරී ය.
15
අයින්ස්ටයින්-පොඩොල්ස්කි-රොසෙන් (EPR) විසංවාදය
1935 දී අයින්ස්ටයින් සිය EPR පත්‍රිකාවෙන් ක්වොන්ටම් භෞතිකයේ සම්පූර්ණත්වය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කරමින් ක්වොන්ටම් භෞතිකය වෙත නැවත පැමිණියේ ය.
16
චිත්ත පරීක්ෂණයක් (thought experiment) මගින් ගුණාංග දැඩි ලෙස සහසම්බන්ධ ව පවතින පරිදි අන්තර්ක්‍රියා කර ඇති අංශු දෙකක් පිළිබද ඔහු අවධානය යොමු කරන ලදී. අංශු දෙක කෙතරම් දුරට ඈත් කරත් එක් අංශුවක් පිළිබද නිරවද්‍ය ස්ථානීය මිනුමක්, ඒ දෙවන අංශුව කෙරෙහි කිසිම ආකාරයක නිරීක්ෂ්‍යමය මැදිහත්වීමක් නො කර අනෙක් අංශුවේ පිහිටුම ගැන ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව දෙන අතර එක් අංශුවක ගම්‍යතාවයේ නිරවද්‍ය මිනුමක් ද අනෙක් අංශුවේ ගම්‍යතාවය පිළිබද ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව ලබා දේ.
17
අයින්ස්ටයින්ගේ ස්ථානීය යථාර්ථය සංකල්පනයට (Local Realism) අනුව සම්භාවිතාවන් දෙකක් විය. (1) එක්කෝ අනෙක් අංශුව මෙම ගුණාංග ඒ වනවිටත් නිර්ණය කරගෙන තිබිය යුතු ය. නැතිනම් (2) පළමු අංශුව මැනීමේ ක්‍රියාදාමය එ කෙණෙහි ම දෙවන අංශුවේ පිහිටුමේ සහ ගම්‍යතාවයේ යථාර්ථයට බලපායි. දුර තැනක අද්භූත ක්‍රියාවක් ලෙස ජනප්‍රිය වහරේ හැදින් වූ මේ දෙවන සම්භාවිතාවය අයින්ස්ටයින් බැහැර කළේ ය.
17
ක්වොන්ටම් භෞතිකයේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොවූවත් එය නිසැක ව ම අසම්පූර්ණ විය යුතු බව පැවසීමට ස්ථානීය යථාර්ථය පිළිබද අයින්ස්ටයින්ගේ විශ්වාසය ඔහු ව යොමු කළේ ය. නමුත් 1964 දී ජේ. එස්. බෙල් විසින් ඉදිරිපත් කර තිබූ බෙල්ගේ ප්‍රමේය (Bells Theorem) 1982 දී ඇස්පෙ පරීක්ෂණයෙන් (Aspect experiment) තහවුරු වීමත් සමග ස්ථානීය යථාර්ථය භෞතික විද්‍යා මූලධර්මයක් වශයෙන් සදොස් බව පෙනී ගියේ ය.
එකිනෙකින් වෙන් කිරීමෙන් අනතුරු ව අනෙක් අංශුව සමග සන්නිවේදනය කිරීමට අසමත් වන නොසබැදුණු වෙන් වෙන් අවයව වශයෙන් වන සම්භාව්‍ය භෞතීය චිත්‍රයක් කවරාකාරයෙන්වත් ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් අදාල කළ නොහැකි බව මේ පරීක්ෂණ හා ඉන් පසුව සිදුකෙරුණු පරීක්ෂණ විසින් පෙන්වා සිටින ලදී.
18
ස්ථානීය යථාර්ථය සම්බන්ධයෙන් අයින්ස්ටයින් වැරදි වුවත් පැටලුණු ක්වොන්ටම් තත්ත්වයක (Entangled Quantum States) සිටින අසාමාන්‍ය අංශු පිළිබද ඔහුගේ පැහැදිලි පූර්වකල්පනය EPR පත්‍රිකාව Physical Review හි පළ වූ විශිෂ්ට ම පත්‍රිකා දහයෙන් එකක් බවට පත්වීමට හේතුවිය. ක්වොන්ටම් තොරතුරු න්‍යායයේ (Quantum Information Theory) සංවර්ධනයට හේතු වූ මූලික ම පත්‍රිකාවක් ලෙස එය සලකනු ලැබේ.
19
සටහන්
In the German Empire, citizens were
exclusively subjects of one of the 27
Bundesstaaten
In [[s:Translation:On the Electrodynamics of
Moving Bodies|his paper]], Einstein wrote: "The introduction of a
'luminiferous æther' will be proved to be superfluous in so far, as
according to the conceptions which will be developed, we shall introduce
neither a 'space absolutely at rest' endowed with special properties,
nor shall we associate a velocity-vector with a point in which
electro-magnetic processes take place."
For a discussion of the reception of relativity
theory around the world, and the different controversies it encountered,
see the articles in
Glick (1987)
මූලාශ්‍ර
Heilbron, John L., ed. (2003). [[[:සැකිල්ල:GBurl]]
The Oxford Companion to the History of Modern Science
]. Oxford University Press. p. 233.
ISBN
978-0-19-974376-6
. සම්ප්‍රවේශය
19 July
2016
{{
cite book
}}
Check
|url=
value (
help
Pais (1982)
, p. 301.
Einstein (1905d)
sfnp error: no target: CITEREFEinstein1905d (
help
Fölsing (1997)
, pp. 178–198.
Stachel (2002)
, pp. vi, 15, 90, 131,
215
Pais (1982)
, pp. 382–386.
Pais (1982)
, pp. 151–152.
Einstein (1923)
sfnp error: no target: CITEREFEinstein1923 (
help
Pais (1982)
, pp. 179–183.
Stachel et al. (2008)
, pp. 273–274, vol. 2: The Swiss Years: Writings, 1900–1909.
sfnp error: no target: CITEREFStachel_et_al.2008 (
help
Pais (1982)
, pp. 194–195.
Einstein (1905a)
sfnp error: no target: CITEREFEinstein1905a (
help
Andrews, Robert (2003). [[[:සැකිල්ල:GBurl]]
The New Penguin Dictionary of Modern Quotations
]. Penguin UK. p. 499.
ISBN
978-0-14-196531-4
. සම්ප්‍රවේශය
18 June
2015
{{
cite book
}}
Check
|url=
value (
help
Pais, Abraham (October 1979).
"Einstein and the quantum theory"
(PDF)
Reviews of Modern Physics
51
(4): 863–914.
Bibcode
1979RvMP...51..863P
doi
10.1103/RevModPhys.51.863
. 29 August 2019 දින පැවති මුල් පිටපත වෙතින්
සංරක්ෂිත පිටපත
(PDF)
. සම්ප්‍රවේශය
18 November
2019
Einstein, Podolsky & Rosen (1935)
sfnp error: no target: CITEREFEinsteinPodolskyRosen1935 (
help
Isaacson (2007)
, pp. 448–453.
Penrose (2007)
, p. 583.
Fine (2017)
ඇසුරු කළ කෘති
Calaprice, Alice (2000).
The Expanded Quotable Einstein
. Princeton University Press.
Calaprice, Alice (2005).
The New Quotable Einstein
. Princeton University Press. 22 June 2009 දින
මුල් පිටපත
වෙතින් සංරක්ෂණය කරන ලදී.
Calaprice, Alice; Lipscombe, Trevor (2005).
Albert Einstein: A Biography
. Greenwood Publishing Group.
ISBN
978-0-313-33080-3
Calaprice, Alice (2010).
The Ultimate Quotable Einstein
. Princeton University Press.
ISBN
978-1-4008-3596-6
Calaprice, Alice; Kennefick, Daniel; Schulmann, Robert (2015).
An Einstein Encyclopedia
. Princeton University Press.
Chaplin, Charles (1964).
Charles Chaplin: My Autobiography
. New
York: Simon and Schuster.
{{
cite book
}}
line feed character in
|location=
at position 5 (
help
Clark, Ronald W.
(1971).
Einstein: The Life and Times
. New York: Avon Books.
ISBN
978-0-380-44123-5
Fölsing, Albrecht (1997).
Albert Einstein
. Translated by Osers, Ewald. Abridged by Ewald Osers. New York: Penguin Viking.
ISBN
978-0-670-85545-2
Fine, Arthur (2017).
"The Einstein-Podolsky-Rosen Argument in Quantum Theory"
Stanford Encyclopedia of Philosophy
. Metaphysics Research
Lab, Stanford University.
{{
cite journal
}}
line feed character in
|publisher=
at position 22 (
help
Galison, Peter (Winter 2000). "Einstein's Clocks: The Question of Time".
Critical Inquiry
26
(2): 355–389.
doi
10.1086/448970
ISSN
0093-1896
JSTOR
1344127
S2CID
144484466
Glick, Thomas F., ed. (1987).
The Comparative Reception of Relativity
. Kluwer
Academic Publishers.
ISBN
978-90-277-2498-4
{{
cite book
}}
line feed character in
|publisher=
at position 8 (
help
Highfield, Roger
; Carter, Paul (1993).
The Private Lives of Albert Einstein
. London: Faber and Faber.
ISBN
978-0-571-17170-5
{{
cite book
}}
line feed character in
|title=
at position 18 (
help
Hoffmann, Banesh (1972).
Albert Einstein: Creator and Rebel
. Collaboration with Helen Dukas. New York: Viking Press.
ISBN
978-0-670-11181-7
Holton, Gerald (April 1984).
"The migration of physicists to the United States"
Bulletin of the Atomic Scientists
40
(4). Educational Foundation for Nuclear Science: 18–24.
Bibcode
1984BuAtS..40d..18H
doi
10.1080/00963402.1984.11459207
{{
cite journal
}}
line feed character in
|journal=
at position 24 (
help
Isaacson, Walter
(2007).
Einstein: His Life and Universe
. New York: Simon & Schuster Paperbacks.
ISBN
978-0-7432-6473-0
Isaacson, Walter
(2008).
Einstein: His Life and Universe
. New York: Simon & Schuster.
ISBN
978-1-8473-9589-4
Neffe, Jürgen (2007).
Einstein: A Biography
. Translated by Frisch, Shelley.
Farrar, Straus and Giroux
ISBN
978-0-374-14664-1
Pais, Abraham (1982).
Subtle is the Lord: The Science and the Life of Albert Einstein
. Oxford
University Press.
ISBN
978-0-19-853907-0
{{
cite book
}}
line feed character in
|publisher=
at position 8 (
help
Pais, Abraham (1994).
Einstein Lived Here
. Oxford University Press.
ISBN
978-0-19-280672-7
Penrose, Roger (2007).
The Road to Reality
. Vintage Books.
ISBN
978-0-679-77631-4
Robeson, Paul (2002).
Paul Robeson Speaks
. Citadel. p. 333.
Rowe, David E.; Schulmann, Robert, eds. (2007).
Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb
. Princeton University Press.
ISBN
978-0-691-12094-2
Rowe, David E.; Schulmann, Robert, eds. (2013).
Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb
. Princeton University Press.
ISBN
978-1-4008-4828-7
{{
cite book
}}
line feed character in
|title=
at position 9 (
help
Scheideler, Britta (2002).
"The Scientist as Moral Authority: Albert Einstein between Elitism and Democracy, 1914–1933"
Historical Studies in the Physical and Biological Sciences
32
(2): 319–346.
doi
10.1525/hsps.2002.32.2.319
JSTOR
10.1525/hsps.2002.32.2.319
{{
cite journal
}}
line feed character in
|title=
at position 82 (
help
Stachel, John J. (1966).
Albert Einstein and Mileva Marić
(PDF)
. 7 March 2008 දින
මුල් පිටපත
(PDF)
වෙතින් සංරක්ෂණය කරන ලදී
. සම්ප්‍රවේශය
13 May
2016
Stachel, John J. (2002).
Einstein from 'B' to 'Z'
. Einstein Studies. Vol. 9. Birkhäuser.
ISBN
978-0-8176-4143-6
OCLC
237532460
Weinstein, G. (2015).
General Relativity Conflict and Rivalries: Einstein's Polemics with Physicists
. Newcastle upon Tyne (UK): Cambridge Scholars Publishing.
ISBN
978-1-4438-8362-7
බාහිර සබැඳි
Albert Einstein
ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
කොමන්ස් වෙතින්
ඡායාරූප හා මාධ්‍ය
විකිකියමන් වෙතින්
උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින්
ප්‍රභව පෙළ
Scholia
has an
author
profile for
ඇල්බට් අයින්ස්ටයින්
මෙයට ආශ්‍රිත උද්ධරණ විකිකියමන් තුල ඇත:
ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින්
at
Curlie
Einstein ගේ කෘති
ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය
Works by or about ඇල්බට් අයින්ස්ටයින්
at
Internet Archive
Works by ඇල්බට් අයින්ස්ටයින්
at
LibriVox
(public domain audiobooks)
Einstein's Personal Correspondence: Religion, Politics, The Holocaust, and Philosophy
Shapell Manuscript Foundation
Federal Bureau of Investigation file on Albert Einstein
Einstein and his love of music
Physics World
ඇල්බට් අයින්ස්ටයින්
on Nobelprize.org
including the Nobel Lecture 11 July 1923
Fundamental ideas and problems of the theory of relativity
Albert Einstein Archives Online (80,000+ Documents)
සංරක්ෂණය කළ පිටපත
11 අගෝස්තු 2011 at the
Wayback Machine
MSNBC, 19 March 2012
Einstein's declaration of intention for American citizenship
සංරක්ෂණය කළ පිටපත
2014-02-22 at the
Wayback Machine
on the
World Digital Library
Albert Einstein Collection
at
Brandeis University
The Collected Papers of Albert Einstein "Digital Einstein"
at
Princeton University
Newspaper clippings about ඇල්බට් අයින්ස්ටයින්
in the
20th Century Press Archives
of the
ZBW
Home page of Albert Einstein at The Institute for Advanced Study
Albert – The Digital Repository of the IAS
, which contains many digitized original documents and photographs
ඇල්බට් අයින්ස්ටයින්
සඳහා
අයිඑම්ඩීබී
හි ඇති තොරතුරු
ඇල්බට් අයින්ස්ටයින්
භෞතික විද්‍යාව
Special relativity
General relativity
Mass–energy equivalence (E=mc
Brownian motion
Photoelectric effect
Einstein coefficients
Einstein solid
Equivalence principle
Einstein field equations
Einstein radius
Einstein relation (kinetic theory)
Cosmological constant
Bose–Einstein condensate
Bose–Einstein statistics
Bose–Einstein correlations
Einstein–Cartan theory
Einstein–Infeld–Hoffmann equations
Einstein–de Haas effect
EPR paradox
Bohr–Einstein debates
Teleparallelism
Thought experiments
Unsuccessful investigations
Wave–particle duality
Gravitational wave
Tea leaf paradox
Works
Annus mirabilis
papers
(1905)
Investigations on the Theory of Brownian Movement
" (1905)
Relativity: The Special and the General Theory
(1916)
The Meaning of Relativity
(1922)
The World as I See It
(1934)
The Evolution of Physics
(1938)
Why Socialism?
" (1949)
Russell–Einstein Manifesto
(1955)
In popular
culture
Die Grundlagen der Einsteinschen Relativitäts-Theorie
(1922 documentary)
The Einstein Theory of Relativity
(1923 documentary)
Relics: Einstein's Brain
(1994 documentary)
Insignificance
(1985 film)
Picasso at the Lapin Agile
(1993 play)
I.Q.
(1994 film)
Einstein's Gift
(2003 play)
Einstein and Eddington
(2008 TV film)
Genius
(2017 series)
Related
Awards and honors
Brain
House
Memorial
Political views
Religious views
List of things named after Albert Einstein
Albert Einstein Archives
Einstein Papers Project
Einstein refrigerator
Einsteinhaus
Einsteinium
Max Talmud
Prizes
Albert Einstein Award
Albert Einstein Medal
Kalinga Prize
Albert Einstein Peace Prize
Albert Einstein World Award of Science
Einstein Prize for Laser Science
Einstein Prize (APS)
Books about
Einstein
Albert Einstein: Creator and Rebel
Einstein and Religion
Einstein for Beginners
Einstein: His Life and Universe
Einstein's Cosmos
I Am Albert Einstein
Introducing Relativity
Subtle is the Lord
Family
Pauline Koch
(mother)
Hermann Einstein
(father)
Maja Einstein
(sister)
Mileva Marić
(first wife)
Elsa Einstein
(second wife; cousin)
Lieserl Einstein
(daughter)
Hans Albert Einstein
(son)
Eduard Einstein
(son)
Bernhard Caesar Einstein
(grandson)
Evelyn Einstein
(granddaughter)
Thomas Martin Einstein
(great-grandson)
Robert Einstein
(cousin)
Siegbert Einstein
(distant cousin)
ප්‍රවර්ගය
Links to related articles
Copley Medallists
(1901–1950)
Josiah Willard Gibbs
(1901)
Joseph Lister
(1902)
Eduard Suess
(1903)
William Crookes
(1904)
Dmitri Mendeleev
(1905)
Élie Metchnikoff
(1906)
Albert A. Michelson
(1907)
Alfred Russel Wallace
(1908)
George William Hill
(1909)
Francis Galton
(1910)
George Darwin
(1911)
Felix Klein
(1912)
Ray Lankester
(1913)
J. J. Thomson
(1914)
Ivan Pavlov
(1915)
James Dewar
(1916)
Pierre Paul Émile Roux
(1917)
Hendrik Lorentz
(1918)
William Bayliss
(1919)
Horace Tabberer Brown
(1920)
Joseph Larmor
(1921)
Ernest Rutherford
(1922)
Horace Lamb
(1923)
Edward Albert Sharpey-Schafer
(1924)
Albert Einstein
(1925)
Frederick Gowland Hopkins
(1926)
Charles Scott Sherrington
(1927)
Charles Algernon Parsons
(1928)
Max Planck
(1929)
William Henry Bragg
(1930)
Arthur Schuster
(1931)
George Ellery Hale
(1932)
Theobald Smith
(1933)
John Scott Haldane
(1934)
Charles Thomson Rees Wilson
(1935)
Arthur Evans
(1936)
Henry Hallett Dale
(1937)
Niels Bohr
(1938)
Thomas Hunt Morgan
(1939)
Paul Langevin
(1940)
Thomas Lewis
(1941)
Robert Robinson
(1942)
Joseph Barcroft
(1943)
Geoffrey Ingram Taylor
(1944)
Oswald Avery
(1945)
Edgar Douglas Adrian
(1946)
G. H. Hardy
(1947)
Archibald Hill
(1948)
George de Hevesy
(1949)
James Chadwick
(1950)
Laureates
of the
Nobel Prize in Physics
1901–1925
1901:
Röntgen
1902:
Lorentz
Zeeman
1903:
Becquerel
P. Curie
M. Curie
1904:
Rayleigh
1905:
Lenard
1906:
J. J. Thomson
1907:
Michelson
1908:
Lippmann
1909:
Marconi
Braun
1910:
Van der Waals
1911:
Wien
1912:
Dalén
1913:
Kamerlingh Onnes
1914:
Laue
1915:
W. L. Bragg
W. H. Bragg
1916
1917:
Barkla
1918:
Planck
1919:
Stark
1920:
Guillaume
1921:
Einstein
1922:
N. Bohr
1923:
Millikan
1924:
M. Siegbahn
1925:
Franck
Hertz
1926–1950
1926:
Perrin
1927:
Compton
C. Wilson
1928:
O. Richardson
1929:
De Broglie
1930:
Raman
1931
1932:
Heisenberg
1933:
Schrödinger
Dirac
1934
1935:
Chadwick
1936:
Hess
C. D. Anderson
1937:
Davisson
G. P. Thomson
1938:
Fermi
1939:
Lawrence
1940
1941
1942
1943:
Stern
1944:
Rabi
1945:
Pauli
1946:
Bridgman
1947:
Appleton
1948:
Blackett
1949:
Yukawa
1950:
Powell
1951–1975
1951:
Cockcroft
Walton
1952:
Bloch
Purcell
1953:
Zernike
1954:
Born
Bothe
1955:
Lamb
Kusch
1956:
Shockley
Bardeen
Brattain
1957:
C. N. Yang
T. D. Lee
1958:
Cherenkov
Frank
Tamm
1959:
Segrè
Chamberlain
1960:
Glaser
1961:
Hofstadter
Mössbauer
1962:
Landau
1963:
Wigner
Goeppert Mayer
Jensen
1964:
Townes
Basov
Prokhorov
1965:
Tomonaga
Schwinger
Feynman
1966:
Kastler
1967:
Bethe
1968:
Alvarez
1969:
Gell-Mann
1970:
Alfvén
Néel
1971:
Gabor
1972:
Bardeen
Cooper
Schrieffer
1973:
Esaki
Giaever
Josephson
1974:
Ryle
Hewish
1975:
A. Bohr
Mottelson
Rainwater
1976–2000
1976:
Richter
Ting
1977:
P. W. Anderson
Mott
Van Vleck
1978:
Kapitsa
Penzias
R. Wilson
1979:
Glashow
Salam
Weinberg
1980:
Cronin
Fitch
1981:
Bloembergen
Schawlow
K. Siegbahn
1982:
K. Wilson
1983:
Chandrasekhar
Fowler
1984:
Rubbia
Van der Meer
1985:
von Klitzing
1986:
Ruska
Binnig
Rohrer
1987:
Bednorz
Müller
1988:
Lederman
Schwartz
Steinberger
1989:
Ramsey
Dehmelt
Paul
1990:
Friedman
Kendall
R. Taylor
1991:
de Gennes
1992:
Charpak
1993:
Hulse
J. Taylor
1994:
Brockhouse
Shull
1995:
Perl
Reines
1996:
D. Lee
Osheroff
R. Richardson
1997:
Chu
Cohen-Tannoudji
Phillips
1998:
Laughlin
Störmer
Tsui
1999:
't Hooft
Veltman
2000:
Alferov
Kroemer
Kilby
2001–
present
2001:
Cornell
Ketterle
Wieman
2002:
Davis
Koshiba
Giacconi
2003:
Abrikosov
Ginzburg
Leggett
2004:
Gross
Politzer
Wilczek
2005:
Glauber
Hall
Hänsch
2006:
Mather
Smoot
2007:
Fert
Grünberg
2008:
Nambu
Kobayashi
Maskawa
2009:
Kao
Boyle
Smith
2010:
Geim
Novoselov
2011:
Perlmutter
Schmidt
Riess
2012:
Wineland
Haroche
2013:
Englert
Higgs
2014:
Akasaki
Amano
Nakamura
2015:
Kajita
McDonald
2016:
Thouless
Haldane
Kosterlitz
2017:
Weiss
Barish
Thorne
2018:
Ashkin
Mourou
Strickland
2019:
Peebles
Mayor
Queloz
2020:
Penrose
Genzel
Ghez
2021:
Parisi
Hasselmann
Manabe
2022:
Aspect
Clauser
Zeilinger
2023:
Agostini
Krausz
L'Huillier
1921
Nobel Prize
laureates
Chemistry
Frederick Soddy
(Great Britain)
Literature
Anatole France
(France)
Peace
Hjalmar Branting
(Sweden)
Christian Lous Lange
(Norway)
Physics
Albert Einstein
(Germany)
Physiology or Medicine
None
Nobel Prize recipients
1916
1917
1918
1919
1920
1921
1922
1923
1924
1925
1926
Fellows
of the
Royal Society
elected
in 1921
Fellows
Wilfred Eade Agar
Francis William Aston
Lawrence Bragg
William Thomas Calman
Arthur Harry Church
Georges Dreyer
William Eccles
John Charles Grant Ledingham
Kennedy Joseph Previte Orton
John Herbert Parsons
James Charles Philip
Alfred Robb
Eustace Tennyson d'Eyncourt
Udny Yule
Foreign
Albert Calmette
Henri-Alexandre Deslandres
Albert Einstein
Albin Haller
Edmund Beecher Wilson
Pieter Zeeman
සාපේක්ෂතාවාදය
Special
relativity
Background
Principle of relativity
Galilean relativity
Galilean transformation
Special relativity
Doubly special relativity
Fundamental
concepts
Frame of reference
Speed of light
Hyperbolic orthogonality
Rapidity
Maxwell's equations
Proper length
Proper time
Relativistic mass
Formulation
Lorentz transformation
Phenomena
Time dilation
Mass–energy equivalence
Length contraction
Relativity of simultaneity
Relativistic Doppler effect
Thomas precession
Ladder paradox
Twin paradox
Terrell rotation
Spacetime
Light cone
World line
Minkowski diagram
Biquaternions
Minkowski space
General
relativity
Background
Introduction
Mathematical formulation
Fundamental
concepts
Equivalence principle
Riemannian geometry
Penrose diagram
Geodesics
Mach's principle
Formulation
ADM formalism
BSSN formalism
Einstein field equations
Linearized gravity
Post-Newtonian formalism
Raychaudhuri equation
Hamilton–Jacobi–Einstein equation
Ernst equation
Phenomena
Black hole
Event horizon
Singularity
Two-body problem
Gravitational waves
astronomy
detectors
LIGO
and
collaboration
Virgo
LISA Pathfinder
GEO
Hulse–Taylor binary
Other tests
precession
of Mercury
lensing
(together with
Einstein cross
and
Einstein rings
redshift
Shapiro delay
frame-dragging
geodetic effect
Lense–Thirring precession
pulsar timing arrays
Advanced
theories
Brans–Dicke theory
Kaluza–Klein
Quantum gravity
Solutions
Cosmological:
Friedmann–Lemaître–Robertson–Walker
Friedmann equations
Lemaître–Tolman
Kasner
BKL singularity
Gödel
Milne
Spherical:
Schwarzschild
interior
Tolman–Oppenheimer–Volkoff equation
Reissner–Nordström
Axisymmetric:
Kerr
Kerr–Newman
Weyl−Lewis−Papapetrou
Taub–NUT
van Stockum dust
discs
Others:
pp-wave
Ozsváth–Schücking
Alcubierre
In computational physics:
Numerical relativity
Scientists
Poincaré
Lorentz
Einstein
Hilbert
Schwarzschild
de Sitter
Weyl
Eddington
Friedmann
Lemaître
Milne
Robertson
Chandrasekhar
Zwicky
Wheeler
Choquet-Bruhat
Kerr
Zel'dovich
Novikov
Ehlers
Geroch
Penrose
Hawking
Taylor
Hulse
Bondi
Misner
Yau
Thorne
Weiss
others
ප්‍රවර්ගය
Time
100: The Most Important People of the 20th Century
Leaders & revolutionaries
David Ben-Gurion
Winston Churchill
Mahatma Gandhi
Mikhail Gorbachev
Adolf Hitler
Ho Chi Minh
Pope John Paul II
Ruhollah Khomeini
Martin Luther King Jr.
Vladimir Lenin
Nelson Mandela
Mao Zedong
Ronald Reagan
Eleanor Roosevelt
Franklin D. Roosevelt
Theodore Roosevelt
Margaret Sanger
Margaret Thatcher
Unknown Tiananmen Square rebel
Lech Wałęsa
Artists & entertainers
Louis Armstrong
Lucille Ball
The Beatles
Marlon Brando
Coco Chanel
Charlie Chaplin
Le Corbusier
Bob Dylan
T. S. Eliot
Aretha Franklin
Martha Graham
Jim Henson
James Joyce
Pablo Picasso
Richard Rodgers and Oscar Hammerstein
Bart Simpson
Frank Sinatra
Steven Spielberg
Igor Stravinsky
Oprah Winfrey
Builders & titans
Stephen Bechtel Sr.
Leo Burnett
Willis Carrier
Walt Disney
Henry Ford
Bill Gates
Amadeo Giannini
Ray Kroc
Estée Lauder
William Levitt
Lucky Luciano
Louis B. Mayer
Charles E. Merrill
Akio Morita
Walter Reuther
Pete Rozelle
David Sarnoff
Juan Trippe
Sam Walton
Thomas J. Watson Jr.
Scientists & thinkers
Leo Baekeland
Tim Berners-Lee
Rachel Carson
Albert Einstein
Philo Farnsworth
Enrico Fermi
Alexander Fleming
Sigmund Freud
Robert H. Goddard
Kurt Gödel
Edwin Hubble
John Maynard Keynes
Leakey family
Jean Piaget
Jonas Salk
William Shockley
Alan Turing
Francis Crick
James Watson
Ludwig Wittgenstein
Wright brothers
Heroes & icons
Muhammad Ali
The American G.I.
Lady Diana Spencer
Anne Frank
Billy Graham
Che Guevara
Edmund Hillary
Tenzing Norgay
Helen Keller
Kennedy family
Bruce Lee
Charles Lindbergh
Harvey Milk
Marilyn Monroe
Emmeline Pankhurst
Rosa Parks
Pelé
Jackie Robinson
Andrei Sakharov
Mother Teresa
Bill W.
ද්වාර
Biography
Mathematics
Physics
Astronomy
Stars
Spaceflight
Outer space
Science
අධිකාරී පාලනය
ජාත්‍යන්තර
FAST
ISNI
VIAF
WorldCat
ජාතික
Norway
Chile
Spain
France
BnF data
Catalonia
Germany
Italy
Israel
Finland
Belgium
United States
Sweden
Latvia
Taiwan
Japan
Czech Republic
Australia
Greece
Korea
Romania
Croatia
Netherlands
Poland
Portugal
Russia
Vatican
ශාස්ත්‍රීය
CiNii
Google Scholar
Leopoldina
MathSciNet
Mathematics Genealogy Project
ORCID
Scopus
zbMATH
කලාකරු
MusicBrainz
ULAN
ජනයා
Deutsche Biographie
Trove
වෙනත්
Encyclopedia of Modern Ukraine
Historical Dictionary of Switzerland
NARA
RISM
SNAC
IdRef
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග
ඇල්බට් අයින්ස්ටයින්
Albert Einstein
1879 births
1955 deaths
19th-century German Jews
20th-century American engineers
20th-century American inventors
20th-century American male writers
20th-century American non-fiction writers
20th-century American physicists
20th-century Swiss inventors
Academic staff of Charles University
Academic staff of ETH Zurich
Academic staff of the University of Bern
Academic staff of the University of Zurich
American agnostics
American Ashkenazi Jews
American democratic socialists
American humanists
American letter writers
American male non-fiction writers
American Nobel laureates
American pacifists
American relativity theorists
American science writers
American Zionists
Anti-nationalists
Deaths from abdominal aortic aneurysm
Denaturalized citizens of Germany
Einstein family
ETH Zurich alumni
European democratic socialists
German agnostics
German Ashkenazi Jews
German emigrants to Switzerland
German humanists
German male non-fiction writers
German Nobel laureates
German relativity theorists
German Zionists
Institute for Advanced Study faculty
Jewish agnostics
Jewish American non-fiction writers
Jewish American physicists
Jewish German physicists
Jewish emigrants from Nazi Germany to the United States
Jewish scientists
Jewish socialists
Labor Zionists
Max Planck Institute directors
Members of the American Philosophical Society
Members of the Royal Netherlands Academy of Arts and Sciences
Members of the United States National Academy of Sciences
Naturalised citizens of Austria
Naturalised citizens of Switzerland
Naturalized citizens of the United States
Nobel laureates in Physics
Pantheists
Patent examiners
People from Ulm
People who lost German citizenship
People with multiple nationality
Philosophers of mathematics
Philosophers of science
Philosophy of science
Quantum physicists
Recipients of Franklin Medal
Scientists from Munich
Stateless people
Swiss agnostics
Swiss Ashkenazi Jews
Swiss cosmologists
Swiss emigrants to the United States
Swiss Nobel laureates
Swiss physicists
University of Zurich alumni
Winners of the Max Planck Medal
Württemberger emigrants to the United States
විද්‍යාඥයෝ
භෞතික විද්‍යාව
විද්‍යාව
1879 උපත්
1955 මරණ
භෞතික විද්‍යාඥයෝ
සැඟවුණු ප්‍රවර්ග:
CS1 errors: URL
Harv and Sfn no-target errors
Wikipedia indefinitely semi-protected pages
විකිපීඩියාවෙහි වැරදි ආරක්‍ෂිත සැකිලි අඩංගු පිටු
Pages using infobox person with multiple spouses
ජර්මන්-භාෂා පෙළ ඇතුළත් ලිපි
Biography with signature
Articles with hCards
CS1 errors: invisible characters
Articles with Curlie links
ගුටෙන්බර්ග් ව්‍යාපෘති සබැඳි අඩංගු ලිපි
Articles with Internet Archive links
Articles with LibriVox links
Nobelprize template using Wikidata property P8024
Webarchive template wayback links
Portal templates with redlinked portals
FAST හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ISNI හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
VIAF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
WorldCat Entities හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BIBSYS හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNE හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
CANTICN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ICCU හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
KANTO හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
KBR හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Libris හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NCL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NLA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NLG හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NLK හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NLR හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NSK හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NTA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
PLWABN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
PortugalA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
RSL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
VcBA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
CINII හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Google Scholar හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Leopoldina හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
MATHSN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
MGP හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ORCID හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Scopus හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ZBMATH හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
MusicBrainz හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ULAN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
DTBIO හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
Trove හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
EMU හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
HDS හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
NARA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
RISM හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
SNAC-ID හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
SUDOC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
ඇල්බට් අයින්ස්ටයින්
මාතෘකාවක් එක්කරන්න
US